Jan 12, 2013

මොනවද මේ PPA ?

අන්තිමට තිබුන ලිපියෙන් කියලා තිබ්බානේ උබුන්ටු 12.04 වල ඉදන් උබුන්ටු 12.10 වලට අප්ග්‍රෙඩ් කරන කොට පරණ සොෆ්ට්වෙයා වැඩ කෙරුවේ නැත්තම් ඒ අඳල PPA manually එකතු කරන්න කියලා. ගොඩාක් දෙනෙක් අහලා තිබුනා මොකද්ද මේ PPA කියලා. ඉතින් අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ PPA ගැන කියලා දෙන්න.


Personal Package Archive

PPA එහෙමත් නැත්තම් Personal Package Archive යනු විශේෂී මෘදුකාංග භාණ්ඩාගරයක්, එහෙමත් නැත්තම් මෘදුකාංග ගබඩාවක්. ඇත්තෙන්ම කියන්නේ සර්වරයක පවතින Web Folder එකක්, මෙහි විශේෂත්වය වනුයේ මේ Web Folder එකට අප්ලෝඩ් කරන්නේ අදාළ මෘදුකාංග වල කේත සටහන් හෙවත් Source Package, ඒවා Built කරලා APT (Advanced Packaging Tool) එකක් විදිහට පරිශිලකයන්ට ලබාගන්න පුලුවන් විදිහට ක්‍රියාත්මක වීමයි.