ටික දවසකින් අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අද අපි බලමු අපේ උබුන්ටු පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default එක FireFox වුනත් ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු වලදීත් Chrome වලින් වැඩ කරන්න තියෙනව නම් හොඳයි කියලා හිතනවා ඇති.
උබුන්ටු වලට Google Chrome දාගන්න එක හරිම ලේසි වැඩක්..
මුලින්ම Google Chrome බාගන්න. (31.5 MB)
ඒ සඳහා මෙන්න මේ ලින්ක් එකට යන්න. එවිට පහත රූපයේ පරිදි ඔබට ඩවුන්ලෝඩ් පිටුව ලැබෙනු ඇති.
![]() |
ඩවුන්ලෝඩ් පිටුව |
![]() |
විශාල කර බැලීමට රූපය ක්ලික් කරන්න. |
දැන් deb ආකාරයේ ෆයිල් එකක් විදිහට Google Chrome ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී.
මේක එච්චර විශාල ෆයිල් එකක් නොවන නිසා ඉක්මනටම ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙයි.
Chrome ඉන්ස්ටෝල් කිරීම.
deb ආකාරයේ ෆයිල් උබුන්ටු වල ඉන්ස්ටෝල් කරන එක වින්ඩෝස් වල exe ආකාරයේ ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරනවට සමානයි. හැබැයි ඊට වඩා ගොඩාක් ලේසී.
කරන්න තියෙන්නේ මෙච්චරයි අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. එතකොට පහත රූපයේ පරිදි උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක මගින් ඒ ෆයිල් එක විවෘත වේවී.
![]() |
Install |
සටහන: මේ රූපයේ නිල් පාට ඊතලයෙන් දක්වලා තියෙන්නේ මේ වෙද්දිත් මං මගෙ උබුන්ටු පද්ධතියට දාලා තියෙන නිසා ලැබෙන පණිවිඩයයි. ඔයාලට මෙහෙම එකක් එන්නේ නැති වෙයි.
ටර්මිනලයෙන් ඉන්ස්ටෝල් කරන හැටි.
මං නම් සාමාන්‍යයෙන් deb ෆයිල් ඉන්ස්ටෝල් කරන්නේ ටර්මිනල් එකෙන්. ටර්මිනල් එකෙන් වැඩ කරන එක හරිම ජොලී.
කරන්න තියෙන්නේ පහත කමාන්ඩ් එක ක්‍රියාත්මක කරන්න විතරයි.
$ sudo dpkg -i google-chrome-stable_current_i386.debටර්මිනල් එකෙන් වැඩ කරන්න ඉගෙනගන්න ආස නම් ලිනක්ස් සිංහලෙන් පැත්තේ පොඩි රවුමක් ගහලා එන්න.
Google Chrome ක්‍රියාත්මක කිරීම.
සාමාන්‍යය වැඩසටහනක් ක්‍රියාත්මක කරගන්නවා වගේ Dash Home එකට ගිහින් ඒකේ google chrome කියල ටයිප් කරලා බලන්න. ඔක්කොම ටයිප් කරන්නත් කලින් Google Chrome Application එකක් විදිහට Dash Home එකේ පෙනෙයි. එතනින් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.
නැත්තම් ඉතින් ලේසිම විදිහ තමයි ටර්මිනල් එකක් විවෘත කරගෙන ඒකේ පහත තියෙන කමාන්ඩ් එක ටයිප් කරලා එනටර් කරන එක.
$ google-chrome
![]() |
මේ තියෙන්න Google Chrome |
අලුත් යමක් දැනගත්තා මේකෙන් .. ස්තූතියි..
ReplyDeleteමේ විදියට .deb format එකේ file වලින් install කරන්න පුලුවන් වෙන software මොනවද ubuntu වලදි? (firefox? adobe reader? etc..)
ෆයර්ෆොක්ස් නම් උබුන්ටු වල කෙලින්ම එනවනේ.... තව deb පැකේජ් ගොඩාක් තියෙනවා. Adobe Reader වලටත් deb පැකේජ් එකක් තියෙනවා වගේ මතකයි, තව Google Earth, Skype.... මේ වගේ ගොඩාක් තියෙනවා.. පුලුවන් පුලුවන් වෙලාවට දාන්නම්කෝ..
Deleteඅදහස් දැක්වූවාට බොහෝමත් ස්තූතියි සහෝදරයා....
ජය වේවා....!
මේ විදියට install කරගන්න software එකක් uninstall කරන විදියත් පොඩ්ඩක් කියනවද? (opt folder එකට නේද මේව යන්නෙ?)
ReplyDeleteඋබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකෙන්ම ඉවත් කරන්න පුළුවන්. කමාන්ඩ් ලයින් එකෙන් ඉවත් කරන් හැටිත් කියලා දෙන්නම්.
Deletethanks :)
Delete