Oct 21, 2012

අළුත්ම Ubuntu 12.10 වින්ඩෝස් තියෙද්දිම ඉන්ස්ටෝල් කරගනිමු



අපි මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන බලා හිටපු අළුත්ම උබුන්ටු සංස්කරණය වන 12.10 දැන් නිකුත් වී හමාරය. අද ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තුවන්නේ මේ අළුත්ම Ubuntu 12.10 අත්දැකීම ලබාගන්න විදිහ ගැන තමයි.
උබුන්ටු කෙලින්ම දාගන්නේ නැතුව වින්ඩෝස් ඇතුලෙම දාගෙන පොඩ්ඩක් පාවිච්චි කරන හැටි අපි අද බලමුකෝ. උබුන්ටු මෙහෙම දාගත්තම ඔයාලගේ වින්ඩෝස් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැඩේ අවුල් වගේ නම් සාමාන්‍යය මෘදුකාංගයක් අයින් කරනවා වගේ ලේසියෙන්ම අයින් කරගන්නත් පුළුවන්.
 වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකට සැළකිය යුතු කාලයක් හා දත්ත ප්‍රමාණයක් වැය වෙනවා. දළ වශයෙන් පැයක් පමණ සහ 600MB විතර. ඒකත් දැනගෙනම වැඩේට අතගහමු එහෙනම්.

Oct 12, 2012

Skype ඉන්ස්ටෝල් කරගමුද.....?

Skype ගැන නොදන්න කෙනෙක් නෑනේ. බැරිවෙලාවත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් Skype කියලා කියන්නේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් වගේම වීඩියෝ ඇමතුම් නොමිලේ ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ඉතින් මේ මෙච්චර වටින skype  වින්ඩෝස් වලට පමණක් සීමා කරලා නෑ. ලිනක්ස් මූලික කරගෙන හදපු උබුන්ටු වලටත් skype ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකත් පියවර දෙකක හරිම ලේසි වැඩක්.

Oct 11, 2012

උබුන්ටු වලට Google Earth ඉන්ස්ටෝල් කරගන්න හැටි.



ගූගල් Earth ගැන හැමෝම දන්නවා ඇතිනේ. ගූගල් සමාගමෙන් නොමිලේ ලබාදෙන මේ සේවාව ඇත්තෙන්ම මිල කල නොහැකි තරම් අගනා එකකි. ඔබ වින්ඩෝස් වල වැඩ කරන කොට ගූගල් Earth වැඩසටහනක් විදිහට ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන ඉන්න ඇතිනේ. ගූගල් සමාගම වින්ඩෝස් ලිනක්ස් කියලා හැඳි දෙකකින් බෙදන්නේ නෑ, වින්ඩෝස් වලට දෙන හැම පහසු කමක්ම ලිනක්ස් වලටත් එහෙමම දෙනවා. පහුගිය ලිපිය කියවලා කට්ටිය ගූගල් Chrome  දාගන්න ඇතිනේ. අද අපි ගූගල් Earth ඉන්ස්ටෝල් කරන හැටි බලමු.

Oct 10, 2012

උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි.




ටික දවසකින් අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අද අපි බලමු අපේ උබුන්ටු පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default  එක FireFox වුනත් ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු වලදීත් Chrome වලින් වැඩ කරන්න තියෙනව නම් හොඳයි කියලා හිතනවා ඇති.
උබුන්ටු වලට Google Chrome දාගන්න එක හරිම ලේසි වැඩක්..