Aug 17, 2013

Wubi භාවිතා කර උබුන්ටු Install කරගැනීම.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය, ලිපිය තුලින් wubi මඟින් Ubuntu install කරන විදිය අපි කථා කරා ඔබට මතක ඇති. ආධුනිකයන් බහුලවම භාවිතා කරන මේ Wubi, Ubuntu 12.04 සිට ඉදිරියට නිකුත් කරපු version වල දකින්නට නොලැබීම ගොඩාක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ කියන්නේ Ubuntu 12.04 සිට සාමාන්‍ය විදියට Wubi මඟින් install කරන option එක තිබ්බේ නෑ.
Wubi install option එක නැතිවී ඇත.
CD එක auto run වුනාමවත්, Wubi icon එක double click කරාටවත් wubi install option එක enable වෙන්නේ නැති වෙන එක ප්‍රශ්නයක් තමා. ඒත් මේ ප්‍රශ්නේ විසඳන විදිහ මගේ යාළුවෙක් හරි ලස්සනට කියලා දුන්නා. දැන් අපි බලමු කොහොමද මේ wubi install එක enable කරගන්නේ කියලා.

Aug 11, 2013

Install Sayonara Music Player

ගොඩාක් කාලෙකින් post එකක් දාන්න බැරි වුන එකට මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා... ඉතිං කොහොමද උබුන්ටු ජීවිතේ...? දැන් නම් කට්ටියම උබුන්ටු 13.04 වලට මාරු වෙලත් ඇති නේද..? ඉස්සර වගේ දැන් උබුන්ටු එක්ක WUBI එන්නේ නෑ. ඉතිං ඒ නිසා වින්ඩෝස් ඇතුලෙම උබුන්ටු දාන්න නම් බෑ ඉස්සර වගේ. ඒත් ඔයගේ Hard Disk එකේ තියෙන partition එකක් shrink කරලා උබුන්ටුයි වින්ඩෝසුයි... දෙකම වැඩ කරන ආකාරයට සකසා ගන්න පුළුවන්.
හැබැයි ඉතිං අද කථා කරන්න යන්නේ නම් ඒ ගැන නෙවේ. ලඟදී නිකුත් කරපු, ලස්සන Music Player එකක් ගැන තමා කථා කරන්න යන්නේ.
උබුන්ටු වල සිංදු අහන්න පුළුවන් ගොඩාක් players තියෙනවා. නමුත් අද අපි මේ කථා කරන්න යන Sayonara Player එක මේ ඔක්කෝටම වඩා හොඳයි කියලා පාවිච්චි කරන්න ගත්තම තේරුනා.. ඒකයි ඔක්කොමලා එක්ක මේක බෙදාගන්න හිතුවේ.
මුලින්ම කියන්න ඕනේ මේක C++ වලින් ලියපු Free and Open Source Software එකක්. FOSS කිව්වම ඉතින් ආයේ තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ.

Sayonara Player එකේ විශේෂත්වය තමයි අනිත් ඒවාට වඩා අඩු CPU usage එකක්, අඩු Memory භාවිතා කිරීමත්, Load වෙන්න කාලයක් ගත නොකිරීමත් වගේ දේවල්.
මේ හැමදෙයක්ම තියෙනවා වගේ මේ එකට ලස්සන User Interface එකකුත් තියෙනවා. මේ screen shot ටික දැක්කම තේරෙනවා ඇතිනේ.
මේ Player එක Google Code එකේ තියෙනවා. එතනින් මේක ගැන තව විස්තර බලා ගන්න පුලුවන්.
Features ගැන කියනවා නම් අනිත් හැම Player එකේම වගේ මේකෙත්  playlist, library sorting/searching, tagging, notifications & album art මේ හැමදේම තියෙනවා.

මෙච්චර features තියෙන, මෙච්චර ලස්සන මේ Sayonara Player එක Download කරගන්න පහත ලින්ක් වලට යන්න. පුදුම වෙන්න එපා මුලු software එකම 1.8 MB විතරයි.
deb පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන විදිහ දන්නවනේ... මතක නැත්තම් ආයෙත් මුල් ලිපි ටිකක් බලල එන්නකෝ :p
කම්මැලි නම් ඔය download කරගත්තු deb file එක double click කරන්න ඒත් වැඩේ හරි.

මෙම ලිපියේ පළ කර තිබෙන රූප සියල්ලක්ම Google Code වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා වන අතර, ලිපියේ සඳහන් සියලුම දේ මා විසින් පෞද්ගලිකව අත්හදා බලන ලද කරුණු බව මතක් කිරීමට කැමතිය. 

Jan 12, 2013

මොනවද මේ PPA ?

අන්තිමට තිබුන ලිපියෙන් කියලා තිබ්බානේ උබුන්ටු 12.04 වල ඉදන් උබුන්ටු 12.10 වලට අප්ග්‍රෙඩ් කරන කොට පරණ සොෆ්ට්වෙයා වැඩ කෙරුවේ නැත්තම් ඒ අඳල PPA manually එකතු කරන්න කියලා. ගොඩාක් දෙනෙක් අහලා තිබුනා මොකද්ද මේ PPA කියලා. ඉතින් අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ PPA ගැන කියලා දෙන්න.


Personal Package Archive

PPA එහෙමත් නැත්තම් Personal Package Archive යනු විශේෂී මෘදුකාංග භාණ්ඩාගරයක්, එහෙමත් නැත්තම් මෘදුකාංග ගබඩාවක්. ඇත්තෙන්ම කියන්නේ සර්වරයක පවතින Web Folder එකක්, මෙහි විශේෂත්වය වනුයේ මේ Web Folder එකට අප්ලෝඩ් කරන්නේ අදාළ මෘදුකාංග වල කේත සටහන් හෙවත් Source Package, ඒවා Built කරලා APT (Advanced Packaging Tool) එකක් විදිහට පරිශිලකයන්ට ලබාගන්න පුලුවන් විදිහට ක්‍රියාත්මක වීමයි.