හැබැයි ඉතිං අද කථා කරන්න යන්නේ නම් ඒ ගැන නෙවේ. ලඟදී නිකුත් කරපු, ලස්සන Music Player එකක් ගැන තමා කථා කරන්න යන්නේ.
උබුන්ටු වල සිංදු අහන්න පුළුවන් ගොඩාක් players තියෙනවා. නමුත් අද අපි මේ කථා කරන්න යන Sayonara Player එක මේ ඔක්කෝටම වඩා හොඳයි කියලා පාවිච්චි කරන්න ගත්තම තේරුනා.. ඒකයි ඔක්කොමලා එක්ක මේක බෙදාගන්න හිතුවේ.
මුලින්ම කියන්න ඕනේ මේක C++ වලින් ලියපු Free and Open Source Software එකක්. FOSS කිව්වම ඉතින් ආයේ තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ.
Sayonara Player එකේ විශේෂත්වය තමයි අනිත් ඒවාට වඩා අඩු CPU usage එකක්, අඩු Memory භාවිතා කිරීමත්, Load වෙන්න කාලයක් ගත නොකිරීමත් වගේ දේවල්.
මේ හැමදෙයක්ම තියෙනවා වගේ මේ එකට ලස්සන User Interface එකකුත් තියෙනවා. මේ screen shot ටික දැක්කම තේරෙනවා ඇතිනේ.
මේ Player එක Google Code එකේ තියෙනවා. එතනින් මේක ගැන තව විස්තර බලා ගන්න පුලුවන්.
Features ගැන කියනවා නම් අනිත් හැම Player එකේම වගේ මේකෙත් playlist, library sorting/searching, tagging, notifications & album art මේ හැමදේම තියෙනවා.
මෙච්චර features තියෙන, මෙච්චර ලස්සන මේ Sayonara Player එක Download කරගන්න පහත ලින්ක් වලට යන්න. පුදුම වෙන්න එපා මුලු software එකම 1.8 MB විතරයි.
deb පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන විදිහ දන්නවනේ... මතක නැත්තම් ආයෙත් මුල් ලිපි ටිකක් බලල එන්නකෝ :p
කම්මැලි නම් ඔය download කරගත්තු deb file එක double click කරන්න ඒත් වැඩේ හරි.
මෙම ලිපියේ පළ කර තිබෙන රූප සියල්ලක්ම Google Code වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා වන අතර, ලිපියේ සඳහන් සියලුම දේ මා විසින් පෞද්ගලිකව අත්හදා බලන ලද කරුණු බව මතක් කිරීමට කැමතිය.
No comments:
Post a Comment