Oct 11, 2012

උබුන්ටු වලට Google Earth ඉන්ස්ටෝල් කරගන්න හැටි.



ගූගල් Earth ගැන හැමෝම දන්නවා ඇතිනේ. ගූගල් සමාගමෙන් නොමිලේ ලබාදෙන මේ සේවාව ඇත්තෙන්ම මිල කල නොහැකි තරම් අගනා එකකි. ඔබ වින්ඩෝස් වල වැඩ කරන කොට ගූගල් Earth වැඩසටහනක් විදිහට ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන ඉන්න ඇතිනේ. ගූගල් සමාගම වින්ඩෝස් ලිනක්ස් කියලා හැඳි දෙකකින් බෙදන්නේ නෑ, වින්ඩෝස් වලට දෙන හැම පහසු කමක්ම ලිනක්ස් වලටත් එහෙමම දෙනවා. පහුගිය ලිපිය කියවලා කට්ටිය ගූගල් Chrome  දාගන්න ඇතිනේ. අද අපි ගූගල් Earth ඉන්ස්ටෝල් කරන හැටි බලමු.
මේකත් හරිම ලේසී වැඩක්. පියවර දෙකයි.

මුලින්ම ගූගල් Earth ලබාගන්න. (24.4 MB)

ඔබ භාවිත කරන්නේ 32-bit වර්ගයේ උබුන්ටු පද්ධතියක් නම් පහත රූපය ක්ලික් කරන්න.

Download 32-bit
 ඔබ භාවිත කරන්නේ 64-bit වර්ගයේ උබුන්ටු පද්ධතියක් නම් පහත රූපය ක්ලික් කරන්න.

Download 64-bit
මෙහිදීත් ඔබට ලැබෙන්නේ ගූගල් Chrome බාගද්දි ලැබුනා වගේ deb ෆයිල් එකක්.

ගූගල් Earth ඉන්ස්ටෝල් කරගන්න.
දැන් ඉතින් කරන්න ඕනේ දේ දන්නවනේ.
එක්කෝ deb ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. එතකොට ගූගල් chrome ඉන්ස්ටෝල් කරද්දී වුනා වගෙ උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක මඟින් ගූගල් Earth ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

නැත්තම් ටර්මිනල් එකේ පහත සඳහන් කමාන්ඩ් එක ක්‍රියාත්මක කරන්න.
$ sudo dpkg -i  google-earth-stable_current_i386.deb

සටහන:  ටර්මිනල් එකෙන් මෙහෙම ඉන්ස්ටෝල් කරද්දී මොකක් හරි Error එකක් ආවොත් පහත කමාන්ඩ් එක ක්‍රියාත්මක කරන්න.
 $ sudo apt-get install -f


දැන් ඉතින් මේ ඉන්ස්ටෝල් කරගත්තු ගූගල් Earth ක්‍රියාත්මක කරන ආකාරය දන්නවනේ. Dash Home එකට ගිහින් ක්‍රියාත්මක කරගන්නත් පුලුවන්. එහෙමත් නැත්තම් පහත කමාන්ඩ් එක ක්‍රියාත්මක කරන්න.
$ googleearth
 මේ තියෙන්නේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි ගත්තු තිර රූප.



උබුන්ටු ලෝකයේ අළුත්ම සාමාජිකයා එන්න තව දින 7යි .


මූණූ පොතේ අදහස්
2අදහස්
Facebook Comments by Blogger Widgets

2 comments:

  1. "උබුන්ටු ලෝකයේ අළුත්ම සාමාජිකයා එන්න තව දින 7යි" ready to fire up the torrent client...can wait months for trips...but really can't wait another single day for 12.10...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අල බහිනකන් හිටිය හැකි, තැම්බෙනකන් ඉන්න බෑ.......
      අදහස් දැක්වූවාට බොහෝමත් ස්තූතියි.....ජය වේවා...!

      Delete