Skype ගැන නොදන්න කෙනෙක් නෑනේ. බැරිවෙලාවත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් Skype කියලා කියන්නේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් වගේම වීඩියෝ ඇමතුම් නොමිලේ ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ඉතින් මේ මෙච්චර වටින skype වින්ඩෝස් වලට පමණක් සීමා කරලා නෑ. ලිනක්ස් මූලික කරගෙන හදපු උබුන්ටු වලටත් skype ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකත් පියවර දෙකක හරිම ලේසි වැඩක්.1. Skype ලබාගැනීම. (27.9 MB)
Skype ලබාගැනීම සඳහා පිටුවට යෑමට පහත තිබෙන Tux ඉන්න රූපය ක්ලික් කරන්න.
![]() |
| මෙතනින් ලබාගන්න. |
![]() |
| ඔබගේ උබුන්ටු වල බිට් වර්ශන් එක තෝරන්න. |
සටහන: මෙතන මේ තියෙන්නේ උබුන්ටු 10.04 කියලා වුනාට මේක උබුන්ටු 12.04 ටත් වැඩ කරනවා. උබුන්ටු 12.10 ටත් මේක වැඩ.
2. Skype ඉන්ස්ටෝල් කිරීම.
දැන් ඔයාලට පෙනවා ඇති ඔයාලා බාගෙන තියෙන්නේ deb ආකාරයේ ෆයිල් එකක් කියලා. ඉතින් deb ආකාරයේ ෆයිල් උබුන්ටු වලට ඉන්ස්ටෝල් කරගන්න විදිහ දැනටමත් දන්නවනේ නේද..?
deb ෆයිල් එක ඩබල් ක්ලික් කරාම පහත රූපයේ විදිහට උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක මගින් Skype ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න.
| Install |
| Skype on Ubuntu |
dpkg -i විධානය භාවිතා කරන්න. මේ වගේ උදාහරණ කලින් ලිපි වල තියෙනවා.


අපි නම් ජනෙල්නේ ඒත් පස්සේ කාලෙකට හරි මේක වටිනවා
ReplyDeleteහැමදාම ඉතින් ජනේලෙන් අතුලට වෙලා හිර වෙලා ඉන්න එපා... පොඩ්ඩක් ජනෙලෙන් එලියට ඇවිත් ජනේලෙන් එහා තියෙන ලෝකෙත් බලන්නකෝ.... ජනේලෙන් එහා ලස්සන, නිදහස්, අහස වගේ ලොකු... සුන්දර ලෝකයක් තියෙනවා... ජනේලෙන් පැන්න නිසයි දන්නේ...... :D
Deleteඅදහස් දැක්වූවාට බොහෝම ස්තූතියි.
ජය වේවා....!