Oct 21, 2012

අළුත්ම Ubuntu 12.10 වින්ඩෝස් තියෙද්දිම ඉන්ස්ටෝල් කරගනිමු



අපි මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන බලා හිටපු අළුත්ම උබුන්ටු සංස්කරණය වන 12.10 දැන් නිකුත් වී හමාරය. අද ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තුවන්නේ මේ අළුත්ම Ubuntu 12.10 අත්දැකීම ලබාගන්න විදිහ ගැන තමයි.
උබුන්ටු කෙලින්ම දාගන්නේ නැතුව වින්ඩෝස් ඇතුලෙම දාගෙන පොඩ්ඩක් පාවිච්චි කරන හැටි අපි අද බලමුකෝ. උබුන්ටු මෙහෙම දාගත්තම ඔයාලගේ වින්ඩෝස් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැඩේ අවුල් වගේ නම් සාමාන්‍යය මෘදුකාංගයක් අයින් කරනවා වගේ ලේසියෙන්ම අයින් කරගන්නත් පුළුවන්.
 වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකට සැළකිය යුතු කාලයක් හා දත්ත ප්‍රමාණයක් වැය වෙනවා. දළ වශයෙන් පැයක් පමණ සහ 600MB විතර. ඒකත් දැනගෙනම වැඩේට අතගහමු එහෙනම්.


# මේ සඳහා මුළින්ම Wubi බාගන්න ඕනේ. ඒකට පහත තියෙන රූපය ක්ලික් කරන්න.
Click to download
 # ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තු wubi.exe ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න පටන් ගන්න.

# ඉන්ස්ටෝල් එක පටන් ගත්තම එන තිර රූප ටික පහත තියෙනවා. ඒවාට අනුව කටුයුතු කරන්න.

 # මේ ඉන්ස්ටෝලර් එක පුරවන හැටි මං කලින් ලිපියක ලියලා තියෙනවා. මේක පුරවන හැටි අවුල් වගේ නම් මෙතනින් ඒ ලිපිය කියවලා බලන්න.

 වැදගත්: මෙතනදී ඔබ ලබාදෙන පාස්වර්ඩ් එක හොඳින් මතක තබා ගන්න. මොකද මේක උබුන්ටු වලට ලොග් වෙද්දි අනිවාර්‍ය්යෙන් ඕනේ වෙනවා. උබුන්ටු ඉන්ස්ටෝල් කරලා ඉවර වෙද්දි සැලකිය යුතු කාලයක් ගත වෙලා තියෙන නිසා පාස්වර්ඩ් එක අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මේ පාස්වර්ඩ් එක ලියලා තියාගත්තත් කම්ක් නෑ.

 # ඊට පස්සේ ඉතින් මේ විදිහට උබුන්ටු 12.10 ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා.
 # මේ වැඩේ සම්පූර්ණයෙන්ම වෙන්න ටිකක් වෙලා යයි. ඉතින් ඊට පස්සේ මේ වගේ තිරයක් එයි.
# Reboot Now තෝරා Finish කරන්න.

# දැන් වැඩෙන් භාගයක් විතර ඉවරයි. ඊලඟට පරිගණකය ආයෙත් boot වෙද්දි  පහත තියෙනවා වගේ Windows boot manager එක ලැබෙයි. ඒකෙන් Ubuntu තෝරගන්න.
 # ඊටත් පස්සේ පහත රූපයේ තිබෙන පරිදි Ubuntu boot loader එක ලැබෙයි. ඒකේ මුලින්ම තියෙන Ubuntu කියන එක තෝරගන්න.

# දැන් log-in screen එක ලැබෙයි එකේ අර මුලින් වින්ඩෝස් වලදී වැඩේ පටන් ගද්දිම දුන්න පාස්වර්ඩ් එක දීලා උබුන්ටු වලට ලොග් වෙන්න.


# දැන් වැඩේ හරි. දැන් ඉතිං ඔයාලටත් උබුන්ටු 12.10 අත්විඳින්න පුළුවන්. උබුන්ටු දාගත්තට පස්සේ කරන්න ඕනේ දේවල් ගැන කලිම කියලනේ තිබ්බේ දැන් එහෙනම් ඒ ලිපියත් උදවු කරගෙන උබුන්ටු වලින් වැඩ පටන් ගන්න.

උබුන්ටු 12.10 තියෙන අළුත්ම අළුත් දේවල් ගැන අපි ඊලඟ ලිපියෙන් කථා කරමුකෝ. එහෙනම් ඉතින් උබුන්ටු විඳින්න පටන් ගන්න.
මූණූ පොතේ අදහස්
4අදහස්
Facebook Comments by Blogger Widgets

4 comments:

  1. tried 12.04, eror when starting ubuntu... 11.04 eka mea aula na...
    Try (hd0,0): NTFS5: No wubildr
    Try (hd0,1): NTFS5: error: "prefix" is not set.
    how can i solve this..?

    ReplyDelete
    Replies
    1. උබුන්ටු අවුලක් නැතුව Install කරගත්තා sure කියලා ද..? Error Message එකේ හැටියට Wubi වල අවුලක් වගේ පේන්නේ... මං මේ ලිපිය ලිව්වේ උබුන්ටු 12.10 වලට, ඔයා දාගත්තේ 12.04 ද...? වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම කියන්න පුළුවන් නම් උදව්වක් කරන්න පුළුවන් වේවී.

      Delete
  2. මචන් ubuntu 13.04 ට wuib එකක් හොයල දෙන්නකො

    ReplyDelete
  3. ubutu 9.10 live cd 1k thiyenawa... xpth ekka dual boot install karana widiya kiyala dennako yaluwa

    ReplyDelete