කරන්න ඕනේ දේවල් පිළිවෙලට පහත ලියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ මේක කරද්දි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කියලා විතරයි.
- අප්ඩේට් මැනේජර් (Update Manger) විවෘත කරගන්න.
මේ සඳහා dash home එක භාවිතා කිරීමට පුළුවනි. - Settings වලට යන්න.
Update Manager හී පහළ වම් කෙළවරේ තමා මේක තියෙන්නේ.
මේක විවෘත කරගත්තම Software Sources කියන වින්ඩෝ එක ලැබේවී. - Updates ටැබ් එක විවෘත කරගන්න.
මෙම Software Sources කියන වින්ඩෝ එකේ Updates කියන ටැබ් එක තෝරන්න. - Settings සකසන්න.
දැන් මෙහි සැකසුම් පහත රූපයේ පෙන්වා ඇති පරිදි සකසන්න.
ඔබට පෙනෙනවා ඇති අපි වෙනස් කරන්නේ Updates ටැබ් එකෙහි පහළම තියෙන කොටස බව. එය "For any new version" ආකාරයට වෙනස් කර close කරන්න. - අප්ග්‍රේඩ් කරන්න.
දැන් ඔබට නැවතත් Update Manager වින්ඩෝ එක ලැබෙනු ඇති.
දැන් ඔබට අළුත්ම උබුන්ටු වර්ශන් එක ලබා ගත හැකිය කියලා පණිවිඩයක් ලැබේවි. රූපයේ පෙනෙන පරිදි upgrade බොත්තම ඔබා උබුන්ටු අළුත් වර්ශන් එකට අප්ග්‍රේඩ් කරගන්න.
කරන්න තියෙන්නේ පහත විධානය ක්‍රියාත්මක කරවීම පමණී.
$ sudo do-release-upgrade
ඊට පස්සේ රූට් පාස්වර්ඩ් එක ටයිප් කරන්න. දැන් ඉතීං අප්ග්‍රේඩ් වෙනකන් බලන් ඉන්න.
සැළකිය යුතුයි :
- උබුන්ටු 12.04 LTS හෙවත් Long Term Support ඒ කියන්නේ දීර්ඝ කාලීන අනුග්‍රහය ලැබෙන වර්ශන් එක වේ. ඒ කියන්නේ උබුන්ටු 12.04 වලට තව අවුරුදු 5ක් යනකන් කැනොනිකල් සමාගමෙන් අනුග්‍රහය ලැබෙනවා. සරළවම කිව්වෙත් උබුන්ටු 12.04 තමා දැනට පවතින ස්ථාවරම උබුන්ටු වර්ශන් එක. උබුන්ටු භාවිතයෙන් හැම දේම කරන කෙනෙක් නම්, Ubuntu 12.04 තමා හොදම කියලා කියන්නේ. ඒ නිසා ඔබ වෘත්තීමය වශයෙන් උබුන්ටු භාවිතා කරන්නෙක් නම් 12.10 වලට අප්ග්‍රේඩ් කරන එක පිළිබඳව දෙවරක් හිතන්න.
- Direct upgrading එකකදි වැරදීම් වෙන්නේ හරිම කලාතුරකින් ඒත් කෝකටත් කියලා වැදගත් යැයි හැඟෙන දත්ත වල back up එකක් තියාගන්න මේ වැඩේ කරන්න කලින්.
- මේ අප්ග්‍රේඩ් එකෙන් පස්සේ පරණ උබුන්ටු වර්ශන් එකේ තිබ්බ PPA කිහිපයක් සමහරවිට වැඩ කරන්නේ නැති වේවී. ඒවා නැවත එකතු කරගන්න.
Monada macho PPA kiyanne? Ewwa nethi unama moko wenne? Ay ewa add koranne kohomada?
ReplyDeleteමේ ගැන කමෙන්ටුවකින් කියන්න බැරි නිසා මං සම්පූර්ණ ලිපියක්ම ලිව්වා.. මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක.
Deletehttp://ubuntu-world-sinhala.blogspot.com/2013/01/ppa.html
අදහස් දැක්වූවාට බොහෝම ස්තූතියි.
ජය වේවා...!
coin casino: play with Bitcoin for fun or real money
ReplyDeleteIf you play septcasino with Bitcoin for 인카지노 fun, the top online casino offers a great selection of options to You can use Bitcoin for personalization, 1xbet