Aug 17, 2013

Wubi භාවිතා කර උබුන්ටු Install කරගැනීම.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය, ලිපිය තුලින් wubi මඟින් Ubuntu install කරන විදිය අපි කථා කරා ඔබට මතක ඇති. ආධුනිකයන් බහුලවම භාවිතා කරන මේ Wubi, Ubuntu 12.04 සිට ඉදිරියට නිකුත් කරපු version වල දකින්නට නොලැබීම ගොඩාක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ කියන්නේ Ubuntu 12.04 සිට සාමාන්‍ය විදියට Wubi මඟින් install කරන option එක තිබ්බේ නෑ.
Wubi install option එක නැතිවී ඇත.
CD එක auto run වුනාමවත්, Wubi icon එක double click කරාටවත් wubi install option එක enable වෙන්නේ නැති වෙන එක ප්‍රශ්නයක් තමා. ඒත් මේ ප්‍රශ්නේ විසඳන විදිහ මගේ යාළුවෙක් හරි ලස්සනට කියලා දුන්නා. දැන් අපි බලමු කොහොමද මේ wubi install එක enable කරගන්නේ කියලා.

Wubi install option එක enable කරගනිමු.
මේ වැඩේ කරගන්න අපිට වින්ඩෝස් command prompt  එකේ පොඩි වැඩ පාරක් දාන්න වෙනවා. මේක හරිම සරළ වැඩක්.
මුලින්ම වින්ඩෝස් වල command prompt එක run කරන්න. මේ සඳහා windows + R, keys එක press කරලා cmd කියලා type කරලා run කරන්න.
ඊට පස්සේ පහත තියෙන command එක run කරන්න.
:\>drive_latter:
:\>wubi.exe --force
Screen shot දැක්කම තේරෙනවනේ ඉතින්.
දැන් ඉතින් සුපුරුදු පරිදි වින්ඩෝස් ඇතුලෙම උබුන්ටු install කරගන්න. අත්හදා බැලීමට Ubuntu පාවිච්චි කරන්න ඉන්න කෙනෙක්ට නම් මේක තමා උබුන්ටු install කරගන්න තියෙන හොඳම ක්‍රමය.

Wubi වලට මොකද වුනේ?
මේ විදිහට wubi enable කරගන්න වෙලා තියෙන්නේ Ubuntu 12.04 version එකේ ඉඳලා wubi වලට support කරන Canonical එක නවත්තපු එකයි. ඒකට ප්‍රධානම හේතුව වුනේ wubi වලින් මතු වෙච්ච bug කිහිපයක්. අනික Windows 8 වල use කරන UEFI interface එක wubi වලට Ubuntu boot කරන්න දෙන්නේ නැති වීමත් මේකට හේතුවක් වුනා. මේ UEFI interface එකට ගැලපෙන විදිහට wubi සකස් කරන්න නම් wubi program එක මුල ඉඳන්ම ආයේමත් ලියන්න වෙනවා. ඒ නිසා Ubuntu 13.04 version එකෙන් පස්සේ Wubi develop කරන එක  නවත්තලා දාන්න Canonical සමාගම තීරණය කරලා ඉවරයි.

මේ විදිහට wubi මඟින් Ubuntu install කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් මතු වුනොත් අපිත් එක්ක ඒක බෙදාගන්න අමතක කරන්න එපා. මේ මුකුත් කරදර නොවී භාවිතා කරන Hard disk එකේම වෙන Partition එකක dual boot ආකාරයට Ubuntu install කරගන්න විදිහ ගැන ඉදිරි ලිපියකින් කථා කරමු.
මූණූ පොතේ අදහස්
6අදහස්
Facebook Comments by Blogger Widgets

6 comments:

  1. එල මචෝ.. දිගටම ලියන්න. ගොඩක් වැදගත් වෙයි linux පාවිච්චි කරන ආධුනිකයන්ට!

    ReplyDelete
  2. internet pahasukam nethi computer ekakata ubuntu danne kohomada? kohomada update karanne? codects, fonts, plugins wage ewa kohomada ganne? ubuntu dapu gaman sinduwak play karanna hadanakota kiyanawane codec daganna click karanna kiyala. ewa kothanatada download wenne? mata ewa pasuwa bawitha kireemata wenama save karaganna puluwanda? ubuntu wala kmplayer, gom player ehema danna puluwanda? ewa demmoth baiscope eken dena sinhala sub hodata weda karaida? particine tika wena wenama c,d,e,f kiyala penwanawada? sinhala unicode hodata weda karanne ne kiyala yaluwek kiwwa. ispili ehema eheta meheta wela thiyenawalu. eka eththada? mama godakma karanne ebook balana eka. pdf,chm,djv,djvu,pdb,epub,cbr,cbz wage ebook extention weda karana software thiyenada ganna. wine dala game wedakaranne hena slow kiyala ahala thiyenawa. eka eththada? wine software eka offline machine ehekata daganne komada? ubuntu terminal eke gahana sudo command okkoma hoyaganna widiyak thiyenawada? singreesi software ekath wedada? partition open kalama desktop eketh auto icon hedenawane. e ey. eka nathara karanne komada? mewata uththara godak aya danne nethi nisa oyawath kiya diyan macho. thanx me karana watina karyayata.. budu saranayi.

    ReplyDelete
  3. මාරු . මමත් උබුන්ටු පැත්තට බහින්න ඉන්නේ . බලමුකෝ ...

    පුලුවන්නම් භාවිත ගැනත් ටිකක් ලියන්න යාලුවා, අපිට වෙන ප්‍රයෝජන ගැන .

    ReplyDelete
  4. කාලයක් තිස්සෙ තිබුන ප්‍රශ්නයකට පිලිතුර මේ.. :) thank u so much

    ReplyDelete
  5. Your Affiliate Money Printing Machine is ready -

    And earning money online using it is as easy as 1...2...3!

    Here are the steps to make it work...

    STEP 1. Input into the system what affiliate products the system will push
    STEP 2. Add push button traffic (it LITERALLY takes JUST 2 minutes)
    STEP 3. Watch the affiliate system grow your list and upsell your affiliate products all for you!

    So, do you want to start making money?

    The solution is right here

    ReplyDelete