උබුන්ටු 12.10 ඇවිල්ලා දැන් ටික කාලයකුත් වෙනවා.. ඒත් තාමත් උබුන්ටු 12.10 වලට අප්ග්‍රේඩ් කරගන්න බැරි වුන කට්ටිය ඇති. තව මාස 4 කින් උබුන්ටු 13.04 එන නිසා උබුන්ටු වල වර්ශන් අප්ග්‍රේඩ් එකක් කරන හැටි උබුන්ටු 12.10 වලින්ම කියලා දෙන්නම්කෝ.
කරන්න ඕනේ දේවල් පිළිවෙලට පහත ලියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ මේක කරද්දි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කියලා විතරයි.
Dec 13, 2012
Oct 21, 2012
අළුත්ම Ubuntu 12.10 වින්ඩෝස් තියෙද්දිම ඉන්ස්ටෝල් කරගනිමු

අපි මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන බලා හිටපු අළුත්ම උබුන්ටු සංස්කරණය වන 12.10 දැන් නිකුත් වී හමාරය. අද ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තුවන්නේ මේ අළුත්ම Ubuntu 12.10 අත්දැකීම ලබාගන්න විදිහ ගැන තමයි.
උබුන්ටු කෙලින්ම දාගන්නේ නැතුව වින්ඩෝස් ඇතුලෙම දාගෙන පොඩ්ඩක් පාවිච්චි කරන හැටි අපි අද බලමුකෝ. උබුන්ටු මෙහෙම දාගත්තම ඔයාලගේ වින්ඩෝස් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැඩේ අවුල් වගේ නම් සාමාන්‍යය මෘදුකාංගයක් අයින් කරනවා වගේ ලේසියෙන්ම අයින් කරගන්නත් පුළුවන්.
වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකට සැළකිය යුතු කාලයක් හා දත්ත ප්‍රමාණයක් වැය වෙනවා. දළ වශයෙන් පැයක් පමණ සහ 600MB විතර. ඒකත් දැනගෙනම වැඩේට අතගහමු එහෙනම්.
Oct 12, 2012
Skype ඉන්ස්ටෝල් කරගමුද.....?
Skype ගැන නොදන්න කෙනෙක් නෑනේ. බැරිවෙලාවත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් Skype කියලා කියන්නේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් වගේම වීඩියෝ ඇමතුම් නොමිලේ ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ඉතින් මේ මෙච්චර වටින skype වින්ඩෝස් වලට පමණක් සීමා කරලා නෑ. ලිනක්ස් මූලික කරගෙන හදපු උබුන්ටු වලටත් skype ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකත් පියවර දෙකක හරිම ලේසි වැඩක්.Oct 11, 2012
උබුන්ටු වලට Google Earth ඉන්ස්ටෝල් කරගන්න හැටි.

ගූගල් Earth ගැන හැමෝම දන්නවා ඇතිනේ. ගූගල් සමාගමෙන් නොමිලේ ලබාදෙන මේ සේවාව ඇත්තෙන්ම මිල කල නොහැකි තරම් අගනා එකකි. ඔබ වින්ඩෝස් වල වැඩ කරන කොට ගූගල් Earth වැඩසටහනක් විදිහට ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන ඉන්න ඇතිනේ. ගූගල් සමාගම වින්ඩෝස් ලිනක්ස් කියලා හැඳි දෙකකින් බෙදන්නේ නෑ, වින්ඩෝස් වලට දෙන හැම පහසු කමක්ම ලිනක්ස් වලටත් එහෙමම දෙනවා. පහුගිය ලිපිය කියවලා කට්ටිය ගූගල් Chrome දාගන්න ඇතිනේ. අද අපි ගූගල් Earth ඉන්ස්ටෝල් කරන හැටි බලමු.
Oct 10, 2012
උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි.

ටික දවසකින් අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අද අපි බලමු අපේ උබුන්ටු පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default එක FireFox වුනත් ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු වලදීත් Chrome වලින් වැඩ කරන්න තියෙනව නම් හොඳයි කියලා හිතනවා ඇති.
උබුන්ටු වලට Google Chrome දාගන්න එක හරිම ලේසි වැඩක්..
Sep 26, 2012
උබුන්ටු වලට සිංහල යුනිකේත දාගමු.
උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න එක නම් හරිම ලේසි වැඩක්. සමහර අය දැනටමත් සිංහල යුනිකේත දාගෙනත් ඇති. තාම දාගන්න බැරි වුන අය පහත උපදෙස් පරිදි සිංහල යුනිකේත ඔයාලගේ උබුන්ටු පද්ධතියට දාගන්න.
Sep 25, 2012
උබුන්ටු වල මුලින්ම කරන්න දේවල් දහයක්!
අන්තිම ලිපිය දාල සති දෙකක් වෙන්නත් ලං වුනා. මේ දවස් ටිකේම උබුන්ටු බ්ලොග් එක ලියන්න බැරි වුනේ ලිනක්ස් බ්ලොග් එකේ ලිපි කිහිපයක් ලියපු නිසා. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව.
හරි ඉතින් දැන් කට්ටියම දාගත්ත උබුන්ටු එක අප්ඩේට කරගෙන හෝ ගාල උබුන්ටු වලින් වැඩ ගන්නව ඇතිනේ. අපි අද බලමු අපේ මේ උබුන්ටු ලස්සනට වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්න උදව් වෙන උපකාර දහයක් ගැන.
හරි ඉතින් දැන් කට්ටියම දාගත්ත උබුන්ටු එක අප්ඩේට කරගෙන හෝ ගාල උබුන්ටු වලින් වැඩ ගන්නව ඇතිනේ. අපි අද බලමු අපේ මේ උබුන්ටු ලස්සනට වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්න උදව් වෙන උපකාර දහයක් ගැන.
Subscribe to:
Posts (Atom)