Sep 26, 2012

උබුන්ටු වලට සිංහල යුනිකේත දාගමු.

උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න එක නම් හරිම ලේසි වැඩක්. සමහර අය දැනටමත් සිංහල යුනිකේත දාගෙනත් ඇති. තාම දාගන්න බැරි වුන අය පහත උපදෙස් පරිදි සිංහල යුනිකේත ඔයාලගේ උබුන්ටු පද්ධතියට දාගන්න.




  1. සිංහල යුනිකේත සටහන් ලබා ගන්න.
    මේ සඳහා ඔබ කල යුත්තේ පහත කොටුව තුල ඇති විධානය ටර්මිනල් එකක copy & paste කරගැනීම. මෙය සුපර් යූසර් කමාන්ඩ් එකක් බැවින් මෙය භාවිතා කිරීමට ඔබගේ පද්ධතියේ පාස්වර්ඩ් එක අවශ්‍යය වේ. එය ලබා දෙන්න.
    sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
    

  2. යුනිකේත වැඩ කරන ආකාරයට සකස් කර ගන්න.
    ඉන්පසු පහත කොටුව තුල ඇති විධානය ටර්මිනලයට copy & paste කර enter කරන්න. මේ සඳහා ඔබට සුපර් යූසර් වීමට අවශ්‍යය නොවේ.
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus

    ඉන්පසු පද්ධතියෙන් log-out වී නැවත log-in වීමට සිදුවේ. නැවත restart කිරීම අවශ්‍යය නොවන අතර සාමාන්‍යය ලෙස log-out වී log-in වන්න.

  3. යතුරු පුවරුව සකසා ගන්න.
    මේ පියවර අත්‍යවශ්‍යය නොවන නමුත් ඔබගේ යතුරුපුවරුවේ configuration එක පිළිබඳව දැනුවත් වීම හොඳය. යතුරුපුවරුවේ වෙනස් කරගැනීමට පහත විධානය ලබා දෙන්න.
    ibus-setup
    එවිට පහත රූප වල ඇති පරිදි නව වින්ඩෝවක් මතුවේ. රූප වල තිබෙන පරිදි වෙනස් කම් සිදු කරගන්න.
    ibus-setup


    මෙහි 1 යනුවෙන් රතු පාටින් දක්වා ඇති ස්ථානයේ ඇත්තේ සිංහල යුනිකේත ටයිප් කිරීමට අවශ්‍යය වූ විට එයට මාරු වන Keyboard short cut එකයි. මං මෙහිදී ලබා දී ඇත්තේ ctrl සම්ඟ space යතුරු තද කිරීමයි. ඔබට අවශ්‍යය යතුරු සංයෝජනය ලබා දීමට පුලුවනි.

    මෙම වින්ඩෝවේ අනිත් ටැබ් දෙකෙහි රූප සටහනක් පහත දක්වා ඇත. මේවා වෙනස් කිරීම අවශ්‍යය නොවේ.
 මේ විදිහට ඉතාම පහසුවෙන් ඔබේ උබුන්ටු පරිගණකයට සිංහල යුනිකේත ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. දැන් සිංහලෙන් ටයිප් කරන්න ඕනේ වුනාම කරන්න තියෙන්නේ ctrl සමඟ space යතුරු තද කරන එක විතරයි.

 යුනිකේත වලින් ටයිප් කරන්න මෙන්න මේ රූප දෙක ගොඩාක් ප්‍රයෝජනවත් වේවී. මට මේක එව්වේ චන්දිම සහෝදරයා.



 මීට අමතරව සමහර වෙබ් අඩවී නැරඹීමේදී ඒවාට අදාල fonts ඉන්ස්ටෝල් කරගන්න සිදුවෙනවා මේ සඳහා කල යුත්තේ එම අදාල font එක home ෆෝල්ඩරයේ ඇති .fonts උප ගොනුවට කොපි කරගැනීමයි. මෙයත් ඉතාම පහසු වැඩක්. උදාහරණයක් විදිහට මේ පහත තියෙන ලින්ක් එකෙන් බාගන්න පුලුවන් lk-lug මගින් නිර්මාණය කරපු සිංහල font එක ඉන්ස්ටෝල් කරගන්න හැටි බලමු.

 ඉස්සෙල්ල බලන්න home ඩිරෙක්ටරයේ .fonts කියලා ෆෝල්ඩරයක් තියෙනවද කියලා. බලන හැටි දන්නවනේ. නැත්තම් මෙන්න මේ කමාන්ඩ් එක රන් කරලා බලන්න.

$ ls -a | grep fonts

 එහෙම ෆෝල්ඩරයක් නැත්තම් මුකුත් පෙන්නන්නේ නැතිවෙයි. එතකොට කරන්න තියෙන්නේ පහත කමාන්ඩ් එක භාවිතා කරලා එහෙම ෆෝල්ඩරයක් හදා ගන්න එකයි.

$ mkdir ~/.fonts

ඊට පස්සේ තියෙන්නේ අපි බාගත්තු font එක මේ .fonts ෆෝල්ඩරයට කොපි කරන එකයි. උබුන්ටු වල default file browser විදිහට තියෙන Nautilus වලින් මෙසේ සැඟවූ ෆෝල්ඩර පෙන්නන්නේ නෑ. ඒ සඳහා Nautilus විවෘත කර ctrl සම්ඟ h යතුරු ඔබන්න. දැන් ඔබට සැඟවූ ෆෝල්ඩර සහ සැඟවූ ෆයිල්ස් සියල්ලම පෙන්වයි. දැන් ඉතින් .fonts ෆෝල්ඩරයට font එක කොපි කරගන්න.

මේ විදිහට ඕනෑම එකක් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. ඔයාලට මෙහෙම ඉන්ස්ටෝල් කරගන්න අනිත් යූසර් ලටත් භාවිතා කරන්න පුලුවන් විදිහට දාගන්න ඕනේ නම්, අදාල එක /usr/share/fonts ඩිරෙක්ටරයටත් කොපි කරගන්න. මේ කොපි කිරීම සඳහා පමණක් සුපර් යූසර් වීම අවශ්‍යය වේ.,
මූණූ පොතේ අදහස්
5අදහස්
Facebook Comments by Blogger Widgets

5 comments:

  1. font එකක් install කරන්න නිකම්මත් පුලුවන්,(ubuntu 12.04)
    කරන්න තියෙන්නේ font file එකේ double click කරන එක විතරයි.....
    ඊට පස්සේ password එක ඉල්ලපුවාම ඒක දෙන්න...

    ReplyDelete
  2. උබුන්ටු වල ෆිල්ම් බලනකොට සමහර අයට ඕනේ දෙයක් තමයි සිංහල උපසිරස...(අර බයිස්කෝප් සිංහලෙන් එකේ එහෙම තියෙන්නේ)ගොඩාක් වෙලාවට මේ උපසිරස හරියට වැඩ කරන්නේ නෑ උබුන්ටු වල... ඒත් මේකට විසඳුමක් තියනවා
    ඉස්සෙල්ලාම Iskoola potha කියන font එක install කරගන්න... ඒක මෙතනින් ගන්න පුලුවන්.....
    http://fontzone.net/font-details/Iskoola+Pota/
    ඊට පස්සේ උබුන්ටු Movie player එක open කරගන්න.....
    Head up Display එකේ Edit ගිහිල්ලා Preferences යන්න....
    එතන Text Subtitle වල Font වලට Iskoola potha තෝරලා Encoding වලට Unicode(UTF-8) තෝරන්න....
    දැන් සිංහල උපසිරස බලන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට සහ ඔබගේ උපකාරයට. කලිනුත් කෙනෙක් මගෙන් ඊ-මේල් එකක් මඟින් ඔය උපසිරස කථාව අහලා තිබ්බා. සිංහල යුනිකෝඩ් දැම්මට පස්සේ සාමන්‍යයෙන් නම් VLC player එකේදි වුනත් සිංහල subtitle පෙන්නනවා. මේක මං දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට. ජයවේවා....!

      Delete
  3. singlish වලින් type කරද්දි සිංහල අකුරු වදින ක්‍රමයක් නැද්ද?
    හරියට windows වලට google input tool එක වගේ එකක්?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි... Google Input Tool එක උබුන්ටු වලට විතරක් නෙවේ ලිනක්ස් සඳහා තවමත් සංවර්ධනය කරමින් පවතින්නක්. නමුත් ඔබට Google ChromeOS වලදි Google Input Tool එක භාවිතා කල හැකිය.
      http://www.google.com/inputtools/cloud/products/chrome-os.html
      එහෙමත් නැත්තම් Chrome browser එකට extension එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. පහත link එකෙන් මෙම extension එක ඔබගේ Chrome browser එකට install කරගන්න.
      https://chrome.google.com/webstore/detail/google-input-tools-by-goo/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en

      Delete