Sep 2, 2012

මේක තමා උබුන්ටු ලෝකය.


ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක ලියන්න ගත්තට ඒකේ උබුන්ටු ගැන ලිපි 2-3 ක්ම දාලා තිබ්බනේ. ඒත් ඇත්තටම මට ඕන වුනේ එකෙන් ලිනක්ස් ගැන කියලා දෙන්න මිසක් උබුන්ටු ගැන කියලා දෙන්න නෙවේ. ඒත් අපි කථාකරන ලිනක්ස් ඔයාලගේ පරිගණකයෙත් තියන්න ඕනේ නිසයි ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් ලිනක්ස් ඩිස්ට්‍රෝව වන උබුන්ටු ස්ථාපනය කරගන්න ආකාරය ගැන ඒකෙන් කථා කරේ.
ඉතින් මං හිතුවා උබුන්ටු ගැන කථා කරන්න වෙනම බ්ලොග් එකක් ලියන්න ඕනේ කියලා. දැන් ඉදන් අපි උබුන්ටු ගැන කථා කරන්න මේ බ්ලොග් එක භාවිතා කරමු. සුපුරුදු පරිදි ලිනක්ස් වල වැඩ කිඩ ගැන පරණ බ්ලොග් එකෙන් කථා කරමු.
ඉතින් එහෙනම් ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක බලලා දැන් ඔයලා උබුන්ටු ඉන්ස්ටෝල් කරගෙනනේ ඇත්තේ නේද..? නැත්තම් මෙතනින් ඒ ලිපි ටිකත් බලලම එන්නකෝ.
අද ඉදින් අපි උබුන්ටු ගැන වෙනමම කථා කරමු. එන්න ලෝකයේ ජනප්‍රියම ලිනක්ස් ඩිස්ට්‍රෝව ගැන ඉගෙන ගන්න. අතිශයින්ම ආධුනිකයකුගේ සිට ප්‍රවීනයෙක් දක්වා උබුන්ටු ගැන ඉගෙන ගමු. උබුන්ටු විඳිමු.
මූණූ පොතේ අදහස්
2අදහස්
Facebook Comments by Blogger Widgets

2 comments:

  1. උබුනටු12'4 Manual Update කරන්නේ කොහෙමෙද

    ReplyDelete
    Replies
    1. සරළව නම් ටර්මිනල් එකක් විවෘත කරලා පහත විධාන copy & passte කර ක්‍රියාත්මක කරන්න.
      $ sudo apt-get update && sudo apt-get upgrade
      අප්ඩේට් කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා.. මං ඉහත කිව්වේ ලේසිම ක්‍රමේ..
      වැඩි විස්තර ඕනේ නම් පහත ලින්ක් එකට යන්න.
      http://ubuntu-world-sinhala.blogspot.com/2012/09/10-things-to-do.html

      Delete