Sep 6, 2012

උබුන්ටු ගැන ප්‍රශ්න වැලක්...??????

මම හිතුවේ ඕනේ කෙනෙක්ට උබුන්ටු ගැන පිළිවෙලින් ඉගෙන ගන්න පුලුවන් ලිපි මාලාවක් සිංහලෙන් ලියන්න. ඒත් මං අද මේ ලිපිය ලියන්නේ යාලුවෙක් මට උබුන්ටු ගැන ප්‍රශ්න වැලක් එක්ක ඊ- මේල් එකක් එව්වා... මේ වගේ ප්‍රශ්න ඔයාලටත් ඇති කියල හිතුන නිසයි. මං එයා එවපු ප්‍රශ්න ඒ විදිහටම සඳහන් කරලා ඒවට මගේ උත්තරේ දෙන්නම්කෝ....

මට උබුන්ටු වලට Kaspersky වගෙ වෛරස් ගාර්ඩ් එකකුත් ඉන්ස්ටෝල් කර ගන්න පුලුවන්ද?

මං ඉතින් කලිනුත් කිව්වනේ ලිනක්ස් භාවිතා කරද්දි වෛරස් ගැන බයවෙන්න දෙයක් නෑ කියලා... ඉතින් උබුන්ටුත් ලිනක්ස්නේ ඒ හින්දා වෛරස් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. වින්ඩෝස් වලට වගේ උබුන්ටු වලට වෛරක් වලින් කරදරයක් ඇත්තෙම නෑ. දැන් අවුරුදු ගානක් ඉදලා උබුන්ටු පාවිච්චි කරන මට නම් කවදාවත් වෛරස් වලින් කරදරයක් වෙලා නෑ. උබුන්ටු දැම්මත් හරි තාම එක පාරක් වත් මගේ කොම්පියුටරේ Format කරලත් නෑ.ඒත් වෛරස් වලින් කරදරයක් වෙයි කියලා සැකයිම නම් වෛරස් ගාඩ් එකක් දාගත්තට ප්‍රශ්නයකුත් නෑ. උබුන්ටු වලටම හදපු වෛරස් ගාඩ් ඕනේ තරම් තියෙනවා. උබුන්ටු Software Center එකෙන් මේ වෛරස් ගාඩ් ඔයාලට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලඟදීම දාන්නම්කෝ.

මට වින්ඩෝස් වල Play කරන්න පුලුවන් Games උබුන්ටු එක්ක ගහන්න පුලුවන්ද?  

මෙහෙමයි. උබුන්ටු වල තියෙනවා කියල Wine මෘදුකාංගයක්. ඒකෙන ඔයලා වින්ඩෝස් වල වැඩ කරන ගොඩාක් මෘදුකාංග උබුන්ටු වල වැඩකරවගන්න පුලුවන්. Games ගැන කියනවා නම් උබුන්ටු වලට වින්ඩෝස් වලට වගේ ලස්සන Games ගොඩාක් නෑ. ඒත් නැත්තෙමත් නෑ. වින්ඩෝස් වල සෙල්ලම් කරන ගොඩාක් Games අර මං කියපු Wine  උඩ ඉන්ස්ටෝල් කරලා උබුන්ටු වල සෙල්ලම් කරන්න පුලුවන්. ඒත් ඔක්කොම නම් එහෙම වැඩ කරන්නේ නැති වෙයි. (Call Of Duty Modern Warfare 2 නම් වැඩ කරා.)
ඒකට මං දෙන්නම් විසදුමක්. වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව වින්ඩෝස් ඇතුලේ හරි වින්ඩෝස් වලට පිටින් හරි (Dual Boot)  උබුන්ටු ඉන්ස්ටෝල් කරගන්න. එතකොට Games ගහන්න ඕනේ වෙලාවට වින්ඩෝස් වලින් පරිගණකය කර හිතේ හැටියට Games ගහන්න.


උබුන්ටු ටිකක් Slow කියන්නෙ ඇත්තද?
මේ ප්‍රශ්නේ දැක්ක ගමන්ම මට නම් හිනා ගියා. උබුන්ටුයි වින්ඩෝසුයි ගොඩාක් කල් ඉදන් භාවිතා කරන කෙනෙක් විදිහට මං දන්නවා මොකද්ද වඩාත් වේගවත් කියලා. කමක් නෑ ඉතින් දන්නේ නැති නිසානේ අහනවා ඇත්තේ. මං කියනවටම විශ්වාස කරන්නේ නැතුව ඔයාලත් අන්තර්ජාලයේ  Ubuntu Vs. Windows කියලා හොයලා බලන්නකෝ. ඔයාලටම තේරෙයි ඇත්ත.
මේක බලන්නකෝමෙකත් බලන්න.
වින්ඩෝස් වලට වඩා උබුන්ටු ගොඩාක් වේගවත්. ඒක භාවිතා කරද්දි තේරෙයි. ඒකට හේතුව මේකයි. වින්ඩෝස් වල වගේ නෙවෙ., උබුන්ටු වලදි RAM එක use කරන්නේ හරිම අඩුවෙන්. ඔයලා වින්ඩෝස් වල වැඩ කරද්දි එක අරන් බලන්න එකෙන් කොච්චර භාවිතා වෙනවද...? උබුන්ටු වලදිත් එහෙමම අරන් බලන්න. එතකොට තේරෙයි වෙනස.
අඩු Performance තියෙන පරිගණක වල වින්ඩෝස් වලින් ගන්නවා වගේ ගුණයක වැඩ උබුන්ටු වලින් ගන්න පුලුවන්.


උබුන්ටු වල Web Browser එක මොකක්ද?
ඔයා උබුන්ටු දාගත්ත ගමන්ම ඒකේ තියෙන්න Mozilla Firefox web browser එක තමා. ඒ වගේම Google Chrome හෝ Chromium-browser වගේ දාගන්නත් පුලුවන්. මම දැන් මේ භාවිතා කරන්නේ Google Chrome. ඒත් මං ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ Firefox. උබුන්ටු වල දෙකෙන්ම හොදට වැඩ ගන්න පුලුවන්.
Google-chrome on Linux
Web Browser එකෙදි මට Flash player එකක් වගේ use කරන්න වෙනවද? Youtube videos වගේ බලන්න.

මේක නම් ඉතින් එච්චර බැරූරුම් ප්‍රශ්නයක් නෙවෙයි. වින්ඩෝස් වල උනත් අපි භාවිතා කරන Browser එක අනුව Youtube videos වගේ Videos නරඹන්නත් Flash Games සෙල්ලම් කරන්නත් අමතර Plugins, Add-ons දාගන්න වෙනවනේ. උබුන්ටු වලදිත් එහෙමම තමා. ඒක උබුන්ටු වල ප්‍රශ්නයක් නෙවේ ඒ එකේ ප්‍රශ්නයක්. වින්ඩෝස් වලදි වගේම උබුන්ටු වලදීත් ඒ අමතර plugins, Add-ons බොහොම පහසුවෙන් අපේ Browser එකට එකතු කරගන්න පුලුවන්.

උබුන්ටු සහ වින්ඩෝස් එකම කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන කොට MBR (Master Boot Order) එක වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙනව නම් එක හදා ගන්නෙ කොහොමද?
මෙහෙයුම් පද්ධති දෙකක් හෝ වැඩි ගණනක් භාවිතා කරන විට MBR එක වෙනස් වෙනවා තමා. වින්ඩෝස් ඇතුලෙම උබුන්ටු දාගතත් මේ විදිහට MBR එක වෙනස් වෙනවා. හැබැයි වින්ඩෝස් ඇතුලේ ඒ කියන්නේWubi  මඟින් උබුන්ටු දාගත්තම අපේ දාලා තිබ්බ වින්ඩෝස් වලින් පරිගණකය මුලින්ම boot වෙන විදිහට තමා මේ MBR එක වෙනස් වෙන්නේ. මේක වෙනස් කරලා උබුන්ටු වලින් මුලින්ම boot වෙන විදිහට MBR එක වෙනස් කරන්නේ නම් මේ විදිහට.
(Start ---> Control Panel) ----> System and Maintenance ---> System.


 මෙතන මේ ඊතලයකින් දක්වා තියෙන එක ක්ලික් කිරීමෙන් ඔබට වින්ඩෝස් MBR එක වෙනස් කිරීමට පුලුවන්. මේ තියෙන්න වින්ඩෝස් 7 වල ඇතුලේ උබුන්ටු ඉන්ස්ටෝල් කරාම එක වෙනස් කරන විදිහ.
Dual Boot විදිහට උබුන්ටු දාගෙන ඉන්නවා නම් MBR එක වෙනස් කරන විදිහ ගැන සම්පූර්ණ ලිපියක් මං ලඟදීම දාන්නම්.

උබුන්ටු 12.04 CDs නොමිලේ ගන්න විදියක් නැද්ද? කාලෙකට ඉස්සර නම් උබුන්ටු CDs නොමිලේ ගෙවල් වලටම එව්ව.
ඔව් මීට අවුරුදු දෙක තුනකට කලින් නම් උබුන්ටු CDs නොමිලේම ගෙදරටම එව්ව නම් තමා. මං ගාවත් තාම තියෙනවා එහෙම ගෙන්න ගත්තු CD. ඒත් දැන් Canonical සමාගම උබුන්ටු නිකන්ම ගෙදරට එවන්නේ නෑ. ඒක නවත්තලා දැන් ටිකක් කල්. මං කලින් ලිපියකින් කිව්වනේ ඔයාලට උබුන්ටු ඩවුන්ලෝඩ් කරගන්න අමාරු නම් මට කියන්න මං පුලුවන් විදිහට එවන්නම් කියලා. ඇත්තටම ඔයාලට 750MB වන උබුන්ටු 12.04 CD image එක ඩවුන්ලෝඩ් කරගන්න අමාරුම නම් මට කියන්න. මං පුලුවන් විදිහට ඔයාලට උබුන්ටු එවන්නම්.

මේ ප්‍රශ්න වැලේ අන්තිමට මෙහෙමත් තිබ්බා...

මං Try එකක් දෙන්න ඉන්නෙ උබුන්ටු වලට. උඹෙන් තව උදව් ඔනේ වෙයි. තෑන්ක්ස් මචන් මෙ වගෙ දේවල් ගැන අපිව දැනුවත් කරන එකට. බ්ලොග් එකටත් සුබපැතුම්.

මේකට මට කියන්න තියෙන්න.. බය නැතුව උබුන්ටු වලට අතගහන්න. ඕනේ දේකට අපි ඉන්නවා. උබුන්ටු පාවිච්චි කරන්න ගත්තම තේරෙයි හිතන තරම් අමාරු නෑ කියලා. ඕනේ වෙලාවක උබුන්ටු ගැන ඕනේ උදව්වක් ගන්න මාව සම්බන්ධ කරගන්න පුලුවන්. udsubodhana@gmail.com
එහෙනම් අපේ උබුන්ටු ලෝකය කුප්පි මාලවෙන් මීළඟ පාර හම්බෙමු.


මූණූ පොතේ අදහස්
7අදහස්
Facebook Comments by Blogger Widgets

7 comments:

  1. උබුන්ටු ගැන හරි ලිනක්ස් ගැන හරි ඕනෑම ප්‍රශ්නයක් ලිපියේ තියෙන ඊ-මේල් එකට යොමු කරන්න. ඉක්මනින්ම නිවැරදි විසදුම අපි දෙන්නම්.

    ReplyDelete
  2. මචං නියමයි! එලම තමයි! උඹලා මේ කරන වැඩේ ගොඩක් වටිනවා! මොකද ඉස්සරහට ලංකාව වගේ දියුණු වෙන රටකට සල්ලි ගෙවලා ගන්න මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති වලින් ඉවත් වෙන්න වෙන නිසා දැන්ම මේ උබන්ටු, ලිනක්ස් ප්‍රචලිත කරලා මේ වගේ උදව් කරන එක ලොකු දෙයක්! ඇත්තටම මේ වැඩේ මාර වටිනවා! මං දැනට උබන්ටු පාවිච්චි කරන්නෙ වර්චුවල් මැෂින් එකක් විදියට හදාන! ඒත් ඉක්මණටම උබන්ටු වලට මාරු වෙන්න හිතාන ඉන්නේ සම්පූර්ණයෙන්ම වින්ඩෝස් අයින් කරලා!! ස්තූතියි හැම ලිපියකටම!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාළුවා....! ඔයා කියන කථාව හරි අපි වගේ රටකට මේ මුදල් ගෙවලා ගන්න මෙහෙයුම් පද්ධති, මෘදුකාංග ගැලපෙන්නේ නෑ. ඒකට හොදම විසදුම තමා නිදහස් හා විවෘත කේත මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග. ඒවා ගැන දන්න හැමදේම කියලා දෙන්නයි. දන්න කට්ටියගේ දැනුම අනිත් අයට බෙදලා දෙන්නයි මම මේක පටන් ගත්තේ. බය නැතුව උබුන්ටු වලට මාරු වෙන්න. ඕනේ දේකට අපි ඉන්නවා.. ජය වේවා...!

      Delete
  3. මට මේ උබුන්ටු දාලා සිංහලෙන් ලිබ්‍රෙ ඔපිස් වල ටයිප් ගහන්න ගියාම හරි අමාරුවක නෙව වැටෙන්නෙ..අකුරු සෙට් එහෙ මෙහෙ යනවා...අනේ මන්දා මක්කා වෙනවද කියලා...

    ReplyDelete
  4. ZTE ඩොන්ගලය Install කරගන්න පුලුවන්ම් මම මෙලාකට Ubuntu දාලා. අනෙත් ඩොන්ගල් ගහන ක්‍රමයට Settings හදලා ZTE ඩොන්ගල් වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Try through this link bro... http://www.ryukent.com/2010/09/setting-up-3-dongle-in-ubuntu-zte-mf112/
      I've never used a ZTE dongal. But I think this link help you...
      Cheers...

      Delete
  5. Casino, Sports Betting - JCM Hub
    LiveScore, the best live score 상주 출장샵 source in the industry, provides 파주 출장마사지 reliable and reliable, 의정부 출장샵 reliable and reliable information for casino players worldwide. JCM's is 수원 출장마사지 based on 태백 출장마사지 data

    ReplyDelete