Sep 3, 2012

උබුන්ටු වලට පුරුදු වෙමු.

දැන් ඔබ උබුන්ටු ඔබගේ පරිගණකයට සාර්ථකව ස්ථාපනය කරගෙන ඉවරයිනේ. පහත රූපයේ තිබෙන්නේ උබුන්ටු ආරම්භක තිරයයි.





  1. Configuration Button: මෙය මත ක්ලික් කල විට පහත අයුරින් උප මෙනුවක් ලැබෙනු ඇත.

    මෙහි "System Settings" යනුවෙන් සදහන් කර ඇති ස්ථාප්නයෙන් ඔබේ උබුන්ටු පරිගණකයේ සියලුම ඔබට ඕනෑ පරිදි වෙනස් කරගත හැක. ඔබගේ උබුන්ටු පද්ධතිය යාවත්කාලීන කරන්න. ඔබගේ තිර කළමනාකරණය කරගන්න වගේ වැඩ ගොඩාක් මේ මෙනුව භාවිතයෙන් කරගන්න පුලුවන්. අපි ඒවා ගැන පසුව එකින් එකින් විස්තර වශයෙන්ම කථා කරමු. දැනට මෙතනින් "Log Out", "Shut Down", "Hibernate", "Lock Screen" වැනි මූලික යෙදුම් කරගන්න පුලුවන් කියලා විතරක් මතක තියා ගන්නකෝ.
  2. මෙතනින් තමා මේ මොහොතේ පරිගණකය භාවිතා කරන පරිශීලකයා පෙන්වන්නේ. මේක හරිම ප්‍රයෝජනවත් මෙනුවක්. මෙතනින් ඔබේ සියලුම සමාජ ජාලා සමඟ Chat කරන්නත් පුලුවන්. ඒක කරන හැටි පස්සේ කියලා දෙන්නම්කෝ.
  3. ඔරලෝසුව.

    මේකෙන් ඔරලෝසුවයි දින දර්ශනයයි දෙකම බලාගන්න පුලුවන්. ලෝකයේ විව්ධ රට වල වේලාවන් දක්වන ආකාරයට මේක හදා ගන්නත් පුලුවන්. හරියට වින්ඩෝස් වල වගේ.
  4. ඔව් මේක පරිගණකයේ ශබ්දය පාලනය කරන තැන තමා. ඒත් මේක වින්ඩෝස් වල වගේ නිකන්ම නිකන් ශබ්ද පාලකයක් නෙවේ. ඔබේ Media Player එක ලෙස වැඩ කිරීමටත් මෙතනින්ම පුලුවන්. අනවශය විදිහට වින්ඩෝ විවෘත කරගන්නේ නැතුව සිංදු අහන වැඩේ මේකෙන් කරගන්න පුලුවන්.
  5. ජාල කළමනාකරු:
    අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මෙතනින් පුලුවන්. රැහැන් සහිත හෝ රැහැන් රහිත මේ ඕනෑම ආකරයටත් USB Dongle භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් මෙතනින් පුලුවන්.
  6. බැටරි තත්ව ප්‍රදර්ශකය.
    ඔබ භාවිතා කරන්නේ ලැප්ටොප් පරිගණකයක් නම් මෙම ගැජට් එක ඔබට ගොඩාක් ප්‍රයොජනවත් වෙවි.
  7. ඔබෙ විද්යුත් ලිපි පිළිබඳ අලුත්ම තත්වය මෙතනින් බලාගන්න පුලුවන්. ඒ වගේ ඔබේ උපාංගයේ තත්වය, භාවිතා කරන භාෂාව වගේ ගොඩාක් විස්තර මෙම Task Bar එකේදිම බලාගන්න පුලුවන්.
  8. මේක තමා උබුන්ටු "Dash Home" එක. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මේක  හරියට වින්ඩෝස් වල එක වගේම තමා. මෙතනින් ඔබට අවශය මෘදුකාංග, ෆයිල් වගේ දේවල් දියත් කරන්න පුලුවන්. මේ තියෙන්නේ Dash home එක.
  9. වින්ඩෝස් වල වගේ නෙවේ උබුන්ටු වලදි වැඩ බිම් (Work Space) කිහිපයක් භාවිතා කරලා වැඩ කරගන්න පුලුවන්. එක විට ගොඩාක් වින්ඩෝ සමඟ වැඩ කරන්න වෙන කොට මෙහෙම work space කිහිපයක් භාවිතා කිරීම හරිම ප්‍රයෝජනවත්. ඔබේ work space අතර මාරු වෙන්න මෙතනින් පුලුවන්.
මේවා ඉතින් මෙච්චර පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ දේවල් නම් නෙවේ. ඒත් මං එහෙම කරේ අතිශයින්ම උබුන්ටු වලට ආධුනිකයෙකුට වුනත් තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕනේ නිසයි.
එහෙනම් ඉතින් උබුන්ටු වලින් වැඩ ගන්න හැටි ගැන ඊළඟ ලිපියෙන් කථා කරමු.
මූණූ පොතේ අදහස්
1අදහස්
Facebook Comments by Blogger Widgets

1 comment:

  1. ලිපි ෙපලනම් සුපර්.මම ලිනක්ස් බ්ෙලාක් ඒකත් බැළුවා.ෙගාඩක් ස්තූතියි ෙම්වා කියලා ෙදනවට.හරිම අාශාෙවන් තමා ලිපි කියවන්ෙන. සුපිරියට ම ලියනවා.අළුෙතන් ඒන හැම ඒකක් ම කියවනවා. දිගට ම කර ෙගන යන්න.

    ReplyDelete