Aug 17, 2013

Wubi භාවිතා කර උබුන්ටු Install කරගැනීම.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය, ලිපිය තුලින් wubi මඟින් Ubuntu install කරන විදිය අපි කථා කරා ඔබට මතක ඇති. ආධුනිකයන් බහුලවම භාවිතා කරන මේ Wubi, Ubuntu 12.04 සිට ඉදිරියට නිකුත් කරපු version වල දකින්නට නොලැබීම ගොඩාක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ කියන්නේ Ubuntu 12.04 සිට සාමාන්‍ය විදියට Wubi මඟින් install කරන option එක තිබ්බේ නෑ.
Wubi install option එක නැතිවී ඇත.
CD එක auto run වුනාමවත්, Wubi icon එක double click කරාටවත් wubi install option එක enable වෙන්නේ නැති වෙන එක ප්‍රශ්නයක් තමා. ඒත් මේ ප්‍රශ්නේ විසඳන විදිහ මගේ යාළුවෙක් හරි ලස්සනට කියලා දුන්නා. දැන් අපි බලමු කොහොමද මේ wubi install එක enable කරගන්නේ කියලා.

Aug 11, 2013

Install Sayonara Music Player

ගොඩාක් කාලෙකින් post එකක් දාන්න බැරි වුන එකට මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා... ඉතිං කොහොමද උබුන්ටු ජීවිතේ...? දැන් නම් කට්ටියම උබුන්ටු 13.04 වලට මාරු වෙලත් ඇති නේද..? ඉස්සර වගේ දැන් උබුන්ටු එක්ක WUBI එන්නේ නෑ. ඉතිං ඒ නිසා වින්ඩෝස් ඇතුලෙම උබුන්ටු දාන්න නම් බෑ ඉස්සර වගේ. ඒත් ඔයගේ Hard Disk එකේ තියෙන partition එකක් shrink කරලා උබුන්ටුයි වින්ඩෝසුයි... දෙකම වැඩ කරන ආකාරයට සකසා ගන්න පුළුවන්.
හැබැයි ඉතිං අද කථා කරන්න යන්නේ නම් ඒ ගැන නෙවේ. ලඟදී නිකුත් කරපු, ලස්සන Music Player එකක් ගැන තමා කථා කරන්න යන්නේ.
උබුන්ටු වල සිංදු අහන්න පුළුවන් ගොඩාක් players තියෙනවා. නමුත් අද අපි මේ කථා කරන්න යන Sayonara Player එක මේ ඔක්කෝටම වඩා හොඳයි කියලා පාවිච්චි කරන්න ගත්තම තේරුනා.. ඒකයි ඔක්කොමලා එක්ක මේක බෙදාගන්න හිතුවේ.
මුලින්ම කියන්න ඕනේ මේක C++ වලින් ලියපු Free and Open Source Software එකක්. FOSS කිව්වම ඉතින් ආයේ තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ.

Sayonara Player එකේ විශේෂත්වය තමයි අනිත් ඒවාට වඩා අඩු CPU usage එකක්, අඩු Memory භාවිතා කිරීමත්, Load වෙන්න කාලයක් ගත නොකිරීමත් වගේ දේවල්.
මේ හැමදෙයක්ම තියෙනවා වගේ මේ එකට ලස්සන User Interface එකකුත් තියෙනවා. මේ screen shot ටික දැක්කම තේරෙනවා ඇතිනේ.
මේ Player එක Google Code එකේ තියෙනවා. එතනින් මේක ගැන තව විස්තර බලා ගන්න පුලුවන්.
Features ගැන කියනවා නම් අනිත් හැම Player එකේම වගේ මේකෙත්  playlist, library sorting/searching, tagging, notifications & album art මේ හැමදේම තියෙනවා.

මෙච්චර features තියෙන, මෙච්චර ලස්සන මේ Sayonara Player එක Download කරගන්න පහත ලින්ක් වලට යන්න. පුදුම වෙන්න එපා මුලු software එකම 1.8 MB විතරයි.
deb පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන විදිහ දන්නවනේ... මතක නැත්තම් ආයෙත් මුල් ලිපි ටිකක් බලල එන්නකෝ :p
කම්මැලි නම් ඔය download කරගත්තු deb file එක double click කරන්න ඒත් වැඩේ හරි.

මෙම ලිපියේ පළ කර තිබෙන රූප සියල්ලක්ම Google Code වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා වන අතර, ලිපියේ සඳහන් සියලුම දේ මා විසින් පෞද්ගලිකව අත්හදා බලන ලද කරුණු බව මතක් කිරීමට කැමතිය. 

Jan 12, 2013

මොනවද මේ PPA ?

අන්තිමට තිබුන ලිපියෙන් කියලා තිබ්බානේ උබුන්ටු 12.04 වල ඉදන් උබුන්ටු 12.10 වලට අප්ග්‍රෙඩ් කරන කොට පරණ සොෆ්ට්වෙයා වැඩ කෙරුවේ නැත්තම් ඒ අඳල PPA manually එකතු කරන්න කියලා. ගොඩාක් දෙනෙක් අහලා තිබුනා මොකද්ද මේ PPA කියලා. ඉතින් අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ PPA ගැන කියලා දෙන්න.


Personal Package Archive

PPA එහෙමත් නැත්තම් Personal Package Archive යනු විශේෂී මෘදුකාංග භාණ්ඩාගරයක්, එහෙමත් නැත්තම් මෘදුකාංග ගබඩාවක්. ඇත්තෙන්ම කියන්නේ සර්වරයක පවතින Web Folder එකක්, මෙහි විශේෂත්වය වනුයේ මේ Web Folder එකට අප්ලෝඩ් කරන්නේ අදාළ මෘදුකාංග වල කේත සටහන් හෙවත් Source Package, ඒවා Built කරලා APT (Advanced Packaging Tool) එකක් විදිහට පරිශිලකයන්ට ලබාගන්න පුලුවන් විදිහට ක්‍රියාත්මක වීමයි.

Dec 13, 2012

උබුන්ටු 12.04 - 12.10 ට අප්ග්‍රේඩ් කරමුද...?

උබුන්ටු 12.10 ඇවිල්ලා දැන් ටික කාලයකුත් වෙනවා.. ඒත් තාමත් උබුන්ටු 12.10 වලට අප්ග්‍රේඩ් කරගන්න බැරි වුන කට්ටිය ඇති. තව මාස 4 කින් උබුන්ටු 13.04 එන නිසා උබුන්ටු වල වර්ශන් අප්ග්‍රේඩ් එකක් කරන හැටි උබුන්ටු 12.10 වලින්ම කියලා දෙන්නම්කෝ.


කරන්න ඕනේ දේවල් පිළිවෙලට පහත ලියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ මේක කරද්දි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කියලා විතරයි.

Oct 21, 2012

අළුත්ම Ubuntu 12.10 වින්ඩෝස් තියෙද්දිම ඉන්ස්ටෝල් කරගනිමු



අපි මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන බලා හිටපු අළුත්ම උබුන්ටු සංස්කරණය වන 12.10 දැන් නිකුත් වී හමාරය. අද ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තුවන්නේ මේ අළුත්ම Ubuntu 12.10 අත්දැකීම ලබාගන්න විදිහ ගැන තමයි.
උබුන්ටු කෙලින්ම දාගන්නේ නැතුව වින්ඩෝස් ඇතුලෙම දාගෙන පොඩ්ඩක් පාවිච්චි කරන හැටි අපි අද බලමුකෝ. උබුන්ටු මෙහෙම දාගත්තම ඔයාලගේ වින්ඩෝස් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැඩේ අවුල් වගේ නම් සාමාන්‍යය මෘදුකාංගයක් අයින් කරනවා වගේ ලේසියෙන්ම අයින් කරගන්නත් පුළුවන්.
 වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකට සැළකිය යුතු කාලයක් හා දත්ත ප්‍රමාණයක් වැය වෙනවා. දළ වශයෙන් පැයක් පමණ සහ 600MB විතර. ඒකත් දැනගෙනම වැඩේට අතගහමු එහෙනම්.

Oct 12, 2012

Skype ඉන්ස්ටෝල් කරගමුද.....?

Skype ගැන නොදන්න කෙනෙක් නෑනේ. බැරිවෙලාවත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් Skype කියලා කියන්නේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් වගේම වීඩියෝ ඇමතුම් නොමිලේ ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ඉතින් මේ මෙච්චර වටින skype  වින්ඩෝස් වලට පමණක් සීමා කරලා නෑ. ලිනක්ස් මූලික කරගෙන හදපු උබුන්ටු වලටත් skype ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකත් පියවර දෙකක හරිම ලේසි වැඩක්.

Oct 11, 2012

උබුන්ටු වලට Google Earth ඉන්ස්ටෝල් කරගන්න හැටි.



ගූගල් Earth ගැන හැමෝම දන්නවා ඇතිනේ. ගූගල් සමාගමෙන් නොමිලේ ලබාදෙන මේ සේවාව ඇත්තෙන්ම මිල කල නොහැකි තරම් අගනා එකකි. ඔබ වින්ඩෝස් වල වැඩ කරන කොට ගූගල් Earth වැඩසටහනක් විදිහට ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන ඉන්න ඇතිනේ. ගූගල් සමාගම වින්ඩෝස් ලිනක්ස් කියලා හැඳි දෙකකින් බෙදන්නේ නෑ, වින්ඩෝස් වලට දෙන හැම පහසු කමක්ම ලිනක්ස් වලටත් එහෙමම දෙනවා. පහුගිය ලිපිය කියවලා කට්ටිය ගූගල් Chrome  දාගන්න ඇතිනේ. අද අපි ගූගල් Earth ඉන්ස්ටෝල් කරන හැටි බලමු.

Oct 10, 2012

උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි.




ටික දවසකින් අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අද අපි බලමු අපේ උබුන්ටු පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default  එක FireFox වුනත් ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු වලදීත් Chrome වලින් වැඩ කරන්න තියෙනව නම් හොඳයි කියලා හිතනවා ඇති.
උබුන්ටු වලට Google Chrome දාගන්න එක හරිම ලේසි වැඩක්..


Sep 26, 2012

උබුන්ටු වලට සිංහල යුනිකේත දාගමු.

උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න එක නම් හරිම ලේසි වැඩක්. සමහර අය දැනටමත් සිංහල යුනිකේත දාගෙනත් ඇති. තාම දාගන්න බැරි වුන අය පහත උපදෙස් පරිදි සිංහල යුනිකේත ඔයාලගේ උබුන්ටු පද්ධතියට දාගන්න.


Sep 25, 2012

උබුන්ටු වල මුලින්ම කරන්න දේවල් දහයක්!

අන්තිම ලිපිය දාල සති දෙකක් වෙන්නත් ලං වුනා. මේ දවස් ටිකේම උබුන්ටු බ්ලොග් එක ලියන්න බැරි වුනේ ලිනක්ස් බ්ලොග් එකේ ලිපි කිහිපයක් ලියපු නිසා. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව.
හරි ඉතින් දැන් කට්ටියම දාගත්ත උබුන්ටු එක අප්ඩේට කරගෙන හෝ ගාල උබුන්ටු වලින් වැඩ ගන්නව ඇතිනේ. අපි අද බලමු අපේ මේ උබුන්ටු ලස්සනට වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්න උදව් වෙන උපකාර දහයක් ගැන.

Sep 9, 2012

උබුන්ටු වලින් වැඩ කරමු.

දැන් ඉතිං කලින් ලිපි බලලා උබුන්ටු  දාගත්ත කට්ටිය මට බැන බැන ඇති කෝ මේ මගුලෙන් මුකුත් කරගන්න බෑනේ. අඩු ගානේ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්නවත් බෑනේ කියලා. හරි අපි අද බලමු උබුන්ටු වලින් වැඩ ගන්න හැටි.
මුලින්ම කියන්න ඕනේ උබුන්ටු ඉන්ස්ටෝල් කරපු ගම්න්ම සිංදු අහන්න ෆිල්ම් බලන්න බැරි උබුන්ටු වල වරදක් නිසා නෙවේ. ඔයාලට මතක ඇති වින්ඩෝස් ඉන්ස්ටෝල් කරේ DVD එකකින්. ඒත් අපි උබුන්ටු ඉන්ස්ටෝල් කරේ CD එකකින්නේ. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරපු ෆයිල් වල Size එක අඩුයි උබුන්ටු වල. ඒකයි මෙ අවුලට හේතුව. විසදුම තමා යාවත්කාලීන (Update) කිරීම.

Sep 6, 2012

උබුන්ටු ගැන ප්‍රශ්න වැලක්...??????

මම හිතුවේ ඕනේ කෙනෙක්ට උබුන්ටු ගැන පිළිවෙලින් ඉගෙන ගන්න පුලුවන් ලිපි මාලාවක් සිංහලෙන් ලියන්න. ඒත් මං අද මේ ලිපිය ලියන්නේ යාලුවෙක් මට උබුන්ටු ගැන ප්‍රශ්න වැලක් එක්ක ඊ- මේල් එකක් එව්වා... මේ වගේ ප්‍රශ්න ඔයාලටත් ඇති කියල හිතුන නිසයි. මං එයා එවපු ප්‍රශ්න ඒ විදිහටම සඳහන් කරලා ඒවට මගේ උත්තරේ දෙන්නම්කෝ....

මට උබුන්ටු වලට Kaspersky වගෙ වෛරස් ගාර්ඩ් එකකුත් ඉන්ස්ටෝල් කර ගන්න පුලුවන්ද?

Sep 3, 2012

උබුන්ටු වලට පුරුදු වෙමු.

දැන් ඔබ උබුන්ටු ඔබගේ පරිගණකයට සාර්ථකව ස්ථාපනය කරගෙන ඉවරයිනේ. පහත රූපයේ තිබෙන්නේ උබුන්ටු ආරම්භක තිරයයි.



Sep 2, 2012

මේක තමා උබුන්ටු ලෝකය.


ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක ලියන්න ගත්තට ඒකේ උබුන්ටු ගැන ලිපි 2-3 ක්ම දාලා තිබ්බනේ. ඒත් ඇත්තටම මට ඕන වුනේ එකෙන් ලිනක්ස් ගැන කියලා දෙන්න මිසක් උබුන්ටු ගැන කියලා දෙන්න නෙවේ. ඒත් අපි කථාකරන ලිනක්ස් ඔයාලගේ පරිගණකයෙත් තියන්න ඕනේ නිසයි ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් ලිනක්ස් ඩිස්ට්‍රෝව වන උබුන්ටු ස්ථාපනය කරගන්න ආකාරය ගැන ඒකෙන් කථා කරේ.
ඉතින් මං හිතුවා උබුන්ටු ගැන කථා කරන්න වෙනම බ්ලොග් එකක් ලියන්න ඕනේ කියලා. දැන් ඉදන් අපි උබුන්ටු ගැන කථා කරන්න මේ බ්ලොග් එක භාවිතා කරමු. සුපුරුදු පරිදි ලිනක්ස් වල වැඩ කිඩ ගැන පරණ බ්ලොග් එකෙන් කථා කරමු.
ඉතින් එහෙනම් ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක බලලා දැන් ඔයලා උබුන්ටු ඉන්ස්ටෝල් කරගෙනනේ ඇත්තේ නේද..? නැත්තම් මෙතනින් ඒ ලිපි ටිකත් බලලම එන්නකෝ.
අද ඉදින් අපි උබුන්ටු ගැන වෙනමම කථා කරමු. එන්න ලෝකයේ ජනප්‍රියම ලිනක්ස් ඩිස්ට්‍රෝව ගැන ඉගෙන ගන්න. අතිශයින්ම ආධුනිකයකුගේ සිට ප්‍රවීනයෙක් දක්වා උබුන්ටු ගැන ඉගෙන ගමු. උබුන්ටු විඳිමු.